Wednesday, March 6, 2013

ෆයර්ෆොක්ස්ද? එහෙනම් ඔයත් ෆේස්බුක් එකේ පාට මාරු කර ගන්න




ඔන්න අදත් නියම වැඩක් අහු වුනා මට. ඒකත් පෝස්ට් කරන්න කියලයි මේ ආවේ. මේ නිවුස් එක නම් ෆයර්ෆොක්ස් බාවිත කරන අයට සතුටු හිතෙන කාරනාවක්. ෆයර් ෆොක්ස් බ්‍රව්සරයෙන් ෆේස්බුක් එකෙ පාට මාරු කර ගන්න හැටි ගැනයි මම කියන්න යන්නේ.

වැඩේ දන්න කස්ටියත් ඇති, ඒත් නොදන්න අය තමා ගොඩක් ඉන්නෙ ඒක නිසා කාටත් මම ම කියන්නම්. සාමාන්යෙන් බුකියෙ පාට නිල්, ඒක ඉතින් කවුරුත් දන්නවාඅනෙ. ඔන්න ඔය නිල් පාට තමන්ට කැමති විදියට වෙනස් කර ගන්න එක අපිට පුලුවන්. ( මතකනේ කාලෙක ෆේස්බුක් රෙඩ් කියල වොර්ම් එකකුත් බුකියෙ ආපු හැටි, මේක එහෙම එකක් නෙවෙයි ) ෆෝන්ට්ස් වගේම මෙනු සහ බාර් ආදියත් කැමති විදියට වෙනස් කර ගන්න පුලුවන්. එහෙනම් පහත විදියට වැඩේ කර ගන්නකෝ...........

පියවර 1 - ෆයර්ෆොක්ස් බ්‍රව්සරේ ඔපන් කර ගන්න. ( නැතිනම් මෙතනින් බාගත කර ගන්න )

පියවර 2 - මෙතනින් ග්‍රීස්මන්ක්යි ප්ලගින් එක බාගත කරගන්න. Download GRESEMONKEY

පියවර 3 - ඒක ඉන්ස්ටෝල් උනාට පස්සෙ, ෆයර් ෆොක්ස් එක රීස්ටාර්ට් කරන්න

පියවර 4 - ෆේස්බුක් කලර් චේන්ජර් උසර්ස්ක්‍රිප්ට් පේජ් එකට මෙතනින් යන්න gET THE user scripts

පියවර 5 - ඒක තියන ඉන්ස්ටෝල් බට්න් එක ඔබන්න (උඩම දකුනු පැත්තේ ඇති )

පියවර 6 - ඉන්පසු ටුල්ස් > ග්‍රීස්මන්කි > යුසර් ස්ක්‍රිප්ට් කොමාන්ඩ්ස් > කස්ටමයිස් ෆේස්බුක් කලර්ස් යන්න




ඔන්න දැන් ඉතින් වැඩේ ඉවරයි.
ඔන්න මම පහතින් ස්ක්‍රීන්ශොට් කීපෙකුත් දැම්මා






පසුව ලියමි - අපේ රවින්ද මැක්ස් සහෝදරය ඊ මනි ගැන ලිපි මාලාවකුත් ලියන්න පටන් ගත්තා. ඉගෙනගන්න කැමති අය ඒවත් කියවල බලන්න.

0 comments

Posts a comment

 
© එක එක වැඩ The Blog
Designed by Blog Thiết Kế
Back to top