Tuesday, February 19, 2013

නෝට්පෑඩ් පාවිච්චි කරලා පොඩි පොඩි ලනු දෙමු #1


මම කලින් පේස්ට් එකක නෝට්පෑඩ් එක ගැන ගොඩක් දේවල් කිව්ව ඔයාලට මතක ඇති. නෝට්පෑඩ් කියන්නෙ සුලුවෙන් හිතන්න පුලුවන් ඇප් එකක් නෙවෙයි කියල මම කිව්වොත් ඒකත් අතිශෝක්තියක් නෙවෙයි. නෝට් පෑඩ් එකෙන් අපිට කරන්න පුලුවන් දේවල් ගොඩාක් තියනවා. ඒත් ලෝකෙ පුරා වැඩි දෙනෙක් ඒක පාවිච්චි කරන්නෙ ඊඑක්සී ෆයිල් හදන්න, සරලව කිව්වොත් වීබීඑස් හදන්න.
මම මේ පෝස්ට් එක දාන්නෙ අත්හදා බලලම තමා. කාට උනත් තද වෙන විදියෙ ට්‍රික් එකක් තම මේ. සමහරු නම් මේ ගැන දන්නවත් ඇති. කොහොම උනත් නොදන්න බහුතරය වෙනුවෙන් කියා දෙන එක අපේ යුතුකමනේ.............

පියවර 1 - නෝට්පෑඩ් ඕපන් කර ගන්න (වඩා හොදින් කෝඩ් ලියන්න ආස නම් විතරක් මෙතනින් NotePad++ v6.31 බාගත කරගන්නා

පියවර 2 - පහල තියන කෝඩ් එක කොපි කරල නෝට්පෑඩ් එකට පේස්ට් කරගන්න

Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop

පියවර 3 - ඒක cddrive.vbs විදියට සේව් කර ගන්න
(ඔයාලට කැමති නමක් දාගන්න පුලුවන් ඒත් වීබීඑස් ෆෝමැට් එක ඒ විදියටම තියාගන්න )

මේක ගැන විශ්වාස නැත්නම් පහල වීඩියෝ එක බලන්නකෝ
How to Do this ( Youtube Clip)

මේක සේව් කරපු තැනින් ඕපන් කෙරුවාම සීඩී ඩ්‍රයිව් එක නොනවත්වාම ඇරෙයි වැහෙයි. ඕව අත්හදා බලල එක එකාගෙන් ගුටි නොකන විදියට වැඩ කර ගන්න එක ඉතින් ඔයාලගෙ වැඩක් හොදේ............

11 comments

  1. බ්ලොග් එක කියවනකොට තේරුන දෙයක් තමයි ගොඩක් දේවල් අනික් blog වල තියෙන දේවල් කියලා...අලුත් දෙයක් කරන්න බලන්න.....

    ReplyDelete
  2. බ්ලොග් ඉතින් බ්ලොග්ම තමයි, ඒත් ඔයාගෙ අදහස අපි පිලිගන්නම්කෝ.................

    ReplyDelete
  3. "බ්ලොග් ඉතින් බ්ලොග්ම තමයි" කියන එකෙන් ඔයා අදහස් කලේ blog වල තියෙන්න ඕනි අනිත් ඒවගෙන් කොපි කරන දේවල් කියලද? ඒකනම් වැරදි මතයක් යාලුවා.

    ReplyDelete
  4. අපොයි එහෙම නෙවෙයි. බ්ලොග් කරන්නත් කලාවක් තියනවානේ ඒකයි

    ReplyDelete
  5. adoz,mea site eke letters podi wedie bn,puluwan nam ewa loku karanna balapan,

    ReplyDelete
  6. ela ela thawa tricks post karanna try karanna!!!!!!!!!

    ReplyDelete
  7. මචං මේක laptop වලට හරියන්නෑ. හුගක් laptop වල සීඩී ඩ්රයිව් එක තල්ලු කරන්න ඕනි. නිකම්ම Eject දුන්නට වැහෙන්නෙ නෑ. ඒ වුණත් මේක desktop කම්පියුටර් තියෙන අයට හරියයි.

    ReplyDelete
  8. comment karapu katath thanx, aniwa api aluth wenawa
    @Pabasara - ow godak lap walata meka adala wenne na, bt desktow wala wada

    ReplyDelete
  9. දැන් මේක නවත්තන්නේ කොහොමෙයි?

    ReplyDelete
  10. මේක නවත්තන්න Task Manager අරගෙන Processes කියන Tab එකට යන්න. එතන wscript.exe කියල Process එකක් තියෙයි. එක End කරන්න

    ReplyDelete

Posts a comment

 
© එක එක වැඩ The Blog
Designed by Blog Thiết Kế
Back to top