Tuesday, March 5, 2013

ටොර්ච් බ්‍රව්සරය :: අන්තර්ජාලයම ඔබේ දෑතට

කොහොමද ඉතින්.....! ඔන්න පොරොන්දුවක් ඉටු කරන්නයි ආවේ. මතකයිනේ අලුත් ටොර්ච් බ්‍රොව්සරේ ගැන කියනවා කියලා මම පොරොන්දු උනා. ඔන්න අදයි ඉතින් ඒක ගැන කියන්නේ.


ටොර්ච් කියන්නෙ සම්පුර්නයෙන්ම ෆ්‍රී දෙන වෙබ් බ්‍රව්සරයක්. ඉතින් මේක ඩවුන් කරගන්න හිත හිතා ඉන්න ඕනි නෑ. ක්‍රෝමියම් ටෙක්නොලොජී එක පදනම් කරගෙන වැඩිදියුනු කරල තියන මේ බ්‍රව්සරය වර්තමාන බ්‍රව්සර් වලට පැහැදිලිවම අබියෝගයක් කියලයි හදපු අය නම් කියන්නෙ. ඒ කතාව කොහොම උනත් මේකෙ අහක දාන්න නම් දෙයක් නෑ.

සාමන්ය වෙබ් උපකාරක වලට වඩා ගොඩක් දේවල් මේක ගන්නකොටම තියෙනවා. පහල සදහන් ඒවයින් කිහිපයක් පමනයි

1. ඉන් බිල්ට් ටොරන්ට් ඩවුන්ලෝඩරයක්

2. මෙනු බාර් එකත් එක්ක තියන සෝශල් නෙට්වර්ක් ශෙයාරර් එකක්

3. වැඩි වේගවත් ඩවුන්ලෝඩරයක්

4. එක ක්ලික් එකකින් ඕනම මීඩියා එකක් බාගත කරගන්න පුලුවන්

5.වඩා සුරක්ශිත සැරිසැරීමක්

6. ඕනෑම ආකාරයකට වෙනස් කොට ගත හැකි හෝම්පේජ් එකක්

7. හෝම්පේජ් එකට ඇතුල් කරගත හැකි විඩ්ගෙට් රාශියක්


මෙම බ්‍රව්සරයේ තියන වෙනත් උපකාරක ගැන නම් ඉතින් බාගතකරගෙනම තමා බලන්න ඕනා. කැමති කස්ටිය බාගත කරගන්න. ඇත්තටම කියන්න ඕනි මේක මටනම් අනික්වාට වඩා ෆාස්ට් බ්‍රව්සරයක්.

Download Torch Browser


0 comments

Posts a comment

 
© එක එක වැඩ The Blog
Designed by Blog Thiết Kế
Back to top