Friday, February 15, 2013

ඇපල් සමාගමෙන් වොච් ෆෝන් එකක් - අනාගතය අදයි




ඔයාල හැමෝම ෆිල්ම් බලල ඇතිනේ, එහෙනම් අනිවා දැකල ඇති කතා කරන්න පුලුවන් වොච් එකක් බැදපු නලුවා ඒකෙන් එක එකාට කතා කර කර ඉස්සරහට එන හැම එකාටම නල් වෙන්න ගහනව එහෙමත්. මේක නම් ෆිල්ම් එක්ක යන කතාවක් නෙවෙයි. එහෙම උනත් අපි කවුරුත් පොඩි කාලෙ ඉදන් සිහින දැකපු දෙයක් නේඒ විදියෙ වොච් එකක් බද ගෙන පාරෙ යන එක. බෙන් ටෙන් එහෙම මෙච්චර ජනප්‍රිය උනෙත් වොච් එකෙක් නිසානේ............

මේක නම් එහෙම එකෙක් නෙවෙයි. කාටුන්වත්, ෆිල්ම්වත් නෙවෙයි. ඇත්තම ඇත්ත වොච් ෆෝන් එකක්.
ඇපල් සමාගම කියන්නෙ අපි කවුරුත් හොදට අදුරන ජනප්‍රිය සමාගමක්. ෆෝන් වගේම් ලැප් පීසී ගැන කිව්වොත් ඇපල් නමත් අනිව කියවෙනවනේ. දැන් ඇපල් සමාගම අලුත්ම වැඩකට අත ගහල කියල ආරන්ච්යි. මම මුලදි ඔරලෝසු ගැන කිව්ව වගේම මීලගට ඇපල් සමාගමෙන් පිටවෙන්නෙ අන්න එහෙම ෆෝන් එකක් බවයි ආරන්චි මාර්ග නම් කියන්නෙ. ඇපල් සමාගමේ හොදම මොබයිල් ඕඑස් එක වෙන අයි ඕඑස් එකත් එක්ක එන්න නියමිතයි කියලයි කියන්නෙ. බොහොම දෙනා බලාපොරොත්තු උනත් වොයිස් ඇසිස්ටන්ට් පහසුකම නම් තාම මේකට එනවද කියල කියන්න අමාරුලු. වැඩිය කල් නොගෙන මෙම නිශ්පාදනය රිලීස් කරන්න ඇපල් සමාගම තීරනය කරල කියලත් කියවෙනවා

ඉතින් අපිත් බලමු වැඩි කල් නොගිහින් ඔය හීනෙත් හැබෑ වේවි!!!!!!!!!!!

0 comments

Posts a comment

 
© එක එක වැඩ The Blog
Designed by Blog Thiết Kế
Back to top