Friday, February 1, 2013

සිංහලෙන් ඕනෑම තැනක ටයිප් කරන්න : ලේසියි.සරලයි


මටනං සිංහලෙන් ටයිප් කරනවා කියන එක කම්මැලි හිතෙන ඒ වගේම අමාරු වැඩක්වෙලයි තිබුනේ.එත් දැන් එහෙම නෑ.මොකද මං ඒකට ලේසි ක්‍රමයක් හොයාගත්ත.මේක අලුත් දෙයක් නං නෙවෙයි.දැනටමත් සමහරු මේක භාවිතා කරනවා ඇති.එත් මං මේ කියන්නේ තාමත් සිංහලෙන් ටයිප් කරන එක ගැන වද වෙන අයටයි.ඉතින් මම ඕනෑම දෙයක් සිංහලෙන් ටයිප් කරන්නේ Windows සදහා Google වලින් සපයන Google Input Tools භාවිත කරලා.මුලින්ම කියන්න ඕනි මේක free download  කර ගන්න පුළුවන් බව.ඔබට ඕනිම සිංහල වචනයක් ඕනිම තැනක මේ tool එක භාවිත කරලා ටයිප් කරගන්න පුළුවන්. කරන්න තියෙන්නේඔබට ටයිප් කරන්න ඕනි වචනය උච්චාරණය කරන විදිය (සිංහල - sinhala)  ඉංග්‍රීසියෙන් එකේ ටයිප් කරන එක විතරයි.
මෙන්න මේ link එකට ගිහින් මේ tool එක download  කරගන්න ඔබට පුළුවන්.

0 comments

Posts a comment

 
© එක එක වැඩ The Blog
Designed by Blog Thiết Kế
Back to top