Sunday, February 17, 2013

නෝට්පෑඩ්++ - ඔනෑම දේකට (අලුත්ම වර්ශන් එක මෙතනින් ගන්න)



නෝට් පෑඩ් ගැන අහල නැති කෙනෙක් නෑ නේ. ඕනම කෙනෙකුට සරලව බාවිතා කරන්න පුලුවන් වින්ඩොව්ස් එක්ක නිකම්ම දෙන ඇප් එකක්. නෝට් පෑඩ් වැඩිපුරම පීසී යුසර්ල අතින් බාවිත වෙන්නෙ නැති උනත් වෙබ් ඩිසයිනින් කරන කස්ටියට වගේම එක එක කෝඩ් අත්හදා බලන අයටත් තියන හොදම වගේම ඉක්මන්ම ඇප් එක තමා නෝට් පෑඩ් කියන්නෙ.
වින්ඩෝස් වගේම ඕපන් සෝස් එක්කත් නෝට් පෑඩ් එනවා. මේ පෝස්ට් එකත් ඕපන් සෝස් නෝට්පෑඩ්++ ගැනයි. මේකෙ අලුත්ම වර්ශන් එක V6.31 පසුගියදා නිකුත් උනා, ටික කලක් පහු කලාට සමාවෙන්න ඔනි. මේක නිපදවපු උන්දැලනම් කියන්නෙකලින් වර්ශන් එකේ තිබුන ගොඩාක් බග්ස් මේකෙන් නිවැරදි කරල තියනව කියලා. ඒක නම් සම්පුර්න ඇත්ත තමා, පාවිච්චි කරනකොට ඕනකෙනෙකුට ඒක තේරෙනවා. එයාල නිවැරදි කරපු බග්ස් වල ලොකු ලිස්ට් එකකුත් දාල තිබුනා.

ඉතින් අවසානෙට කියන්න තියෙන්නෙ ඔයාලත් මේක අත්හදා බලන්න කියලයි. ඇත්තටම සම්ප්‍රදායික වින්ඩෝස් නෝට්පෑඩ් එකට වඩා මේක ගොඩාක් දියුනුයි. කැමති අය ඉන්නවානම් මෙන්න මේ ලින්ක් එකෙන් බාගත කරගන්න පුලුවන්


Download NotePad++ v6.31


0 comments

Posts a comment

 
© එක එක වැඩ The Blog
Designed by Blog Thiết Kế
Back to top