Sunday, February 3, 2013

ඇන්ඩ්‍රොයිඩ් දැන් ඔබේ කොම්පියුටරයටත්


දැනට ලෝකයේ වඩාත්ම ජනප්‍රිය මොබයිල් මෙහෙයුම් පද්දතිය තමයි ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ. විස්තර අනුව නම් හැම තප්පරයකටම වරක් ඇන්ඩ්‍රොයිඩ් සහිත ෆෝන් 15 ලොව පුරා අලෙවි වෙනවා. දිනකට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් හය ලක්ශයකට වඩා විකිනෙනෙ බව එක අතකින් පුදුමයකුත් නෙවෙයි.
සිත් අදින පෙනුම, වේගවත් හා කාර්යක්ශම බව නිසාම වැඩි දෙනා දැන් ඇන්ඩ්‍රොයිඩ් බාවිත කරන්න පෙලඹිලා තියනවා. විශේශයන්ම ඇන්ඩ්‍රොයිඩ් සදහා සෑදු ඇප්ලිකේශන් මිලියන ගණණක් ලොව පුරා නොමිලයේම ඩවුන්ලෝඩ් කර ගම්ම පුලුවන් වීමත් පාරිබොගිකයන්ට ලොකු පහසුවක් වෙල තියනවා.
ඇත්තටම මම අද ආවෙ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ගැන කියන්නම නෙවෙයි. ඇන්ඩ්‍රොයිඩ් ඔයලගෙ ගෙදර කොම්පියුටරෙන් ක්‍රියාත්මක කරන්නත් පුලුවන් බව කියල යන්නයි. ඒක හරිම පහසු වගේම වටිනා ක්‍රමයක්.

ගොඩක් අය මේ ගැන දන්නෙ නෑ. සමහරු නම් දන්නවා. නොදන්නවනම් අදවත් දැන ගන්නකෝ.....

පියවර 1 - මුලින්ම ඔයගෙ මැශින් එකෙත් වර්චුව්ල් මැශින් එකක් හදාගන්න ඔනි වෙනවා. ඔරකල් වර්චුවල් බොක්ස් මගින් ඒක කර ගන්න පුලුවනි. ඔයාල ගාව ඔරැකල් නැත්තම් http://www.virtualbox.org කියන ලින්ක් එකෙන් නොමිලයේ ඩොවුන්ලෝඩ් කර ගන්න පුලුවනි

පියවර 2 - වර්චුඅල් මැශින් එකක් සකසන කොට අමතක නොකර ගිගා බයිට් 8 ෆ්‍රී තියන ඩ්‍රයිව් එකක් තෝරන්න ඔනි. 1ජීබී රැම් එකකුත් ඔන වෙනව

පියවර 3 - ඇන්ඩ්‍රොයිඩ් නම් ඩවුන්ලෝඩ් කර ගන්න වෙයි, මොකද ගොඩක් ශොප් වල මේක තිබුනෙ නෑ නොමිලයේ ගන්න එක කොහොමත් පහසුයි නේ http://www.android-x86.org/download

පියවර 4 - ඉන්ස්ටෝල් කරන්නෙ නම් වෙනද විදියටමයි. වින්ඩොව්ස් එහෙම ඉන්ස්ටෝල් කරල පුරුදු නම් මේ වැඩෙත් අපහසු නෑ, ඒත් නොදන්නවනම් පුරුදු කෙනෙක් ගෙ උපදෙස් ගන්න එක තමා නුවනට හුරු

පියවර 5 -ඇන්ඩ්‍රොයිඩ් දා ගත්ත වගේ නෙවෙයි මේකෙ ඔයලට මවුස් එකක් පෙන්නනෙ නෑ. ඒක මටත් මුලින් තිබුන් ගැටලුවක්. මවුස් එක ක්‍රියාත්මක කර ගන්නෙ විර්චුවල් බොක්ස් එකේ ඩිසේබල් මවුස් ඉන්ටිග්‍රේශොන් ඔන් කර ගත්තමයි.

පියවර 6 - ඇන්ඩ්‍රොයිඩ් ඉතාම පහසුයි. මේකත් සමග ගොඩක් ඇප්ස් නිකන් ලැබෙනවා. ඔන නම් ඩවුන්ලොඩ් කර ගන්නත් පුලුවන්


ඔන්න දැන් ඔයත් ඇන්ඩ්‍රොයිඩ් පවුලෙ සාමාජිකයෙක්. ඉතින් ලෝකෙම පිලිගත්ත මේ OS එක ගැන් හා ඉන්ස්ටොලේශොන් වල ප්‍රශ්න තියනවනම් අපිව කොන්ටෑක්ට් කර ගන්න

0 comments

Posts a comment

 
© එක එක වැඩ The Blog
Designed by Blog Thiết Kế
Back to top