Sunday, February 10, 2013

ෆෝන් එකෙන් කොම්පියුටර් එක ශට් කරමු (අලුත් ට්‍රික් එකක්)


අද මම කියන්න යන්නෙ අත්හදා බලපු දෙයක් නම් නෙවෙයි, නෙට් එකේ කරක් ගහන ගමන් අහුවෙච්ච පොටක් තමා මේ. නිකමට කැමතිනම් ට්‍රයි කරල බලන්න. හැබැයි වරද්දගෙන අපිට දොස් කියන්න නම් එපා. මේ ට්‍රික් එක අහුවෙච්ච ගමන්මයි දුවගෙන ආවෙ පෝස්ට් එකක් දාන්න, බලමුකො නිවාඩු පාඩුවෙ අත්හදා බලල කෙලවෙනවනම් විතරක් මම ඒකත් ඔයලට කියන්නම් හොදේ
...........
මේ ක්‍රමය මගින් අපිට අපේ පීසී එක ශට් කරන්න, හයිබර්නේට් කරන්න වගේම රීස්ටාර්ට් කරන්නත් පුලුවන් කියලයි කියන්නෙ. මේක බොහොම සරලයි, ඒ කියන්නෙ මේකට ඔනි කරන්නෙ එම්.එස් අවුට්ලුක් එක්ස්ප්‍රස් සහ ඊ මේල් කරන්න පුලුවන් මොබයිල් ෆෝන් එකක් විතරයි. ඊ-මේල් එක යවපු ගමන් කොම්පුටරේ ශට් වෙනව කියලයි කියැවෙනෙ. එහෙනම් කරලම බලමු නේ................?

පියවර 1 - මුලින්ම ශට් වෙන්න හරි කැමති දෙයක් වෙන්න කියල බැච් ෆයිල් හදාගන්න වෙනවා. මේව ඔයාලම ලියාගන්නවනම් එහෙමත් හොදයි, නැතිනම් මෙන්න මේ ලින්ක් එකෙන් ඒව බාගන්න පුලුවන ්Download Batch File (456බයිට්)

පියවර 2 - වින් ආර් ඒ ආර් එකෙන් මේව එක්ස්ට්‍රෑක්ට් කර ගන්න පුලුවන් නේ.. හැබැයි අනිවාර්යෙන්ම මේව දාන්න ඕන ඩිස්ක් සී එකට (සිස්ටම් ෆයිල් තියෙන්නෙ ඒකෙ නිසා)
උදා-  C:\sms_functions\shutdown.bat


පියවර 3 - අවුට්ලුක් ඕපන් කර ගන්න, ඊ මේල් කන්ෆිගර් කර ගන්න දන්නවනෙ. අවුට්ලුක් එක විනාඩියෙන් විනාඩියට රීෆ්‍රෙශ් වෙන්න හදා ගන්න ඔනි. ඒකනම් ඉතින් සාමන්ය දැනුමනේ.........

පියවර 4 - මේල් සෙටප් බට්න් එක ඔබන්න, ඊලගට ඔටෝමැටික් සෙන්ඩ්/රිසීව් බට්න් එක (මතක තියාගන්න අනිවාර්යෙන්ම පියවර 3 හා 4 කරන්නම ඔනෑ)

පියවර 5 - මීලගට ටුල්ස් වල තියන ඔප්ශන් ටැබ් එකේ තියන ඉම්පෝට් රුල්ස් බට්න් එක ඔබන්න

පියවර 6 - දැන් ඉතින් කරන්න තියෙන්නෙ ඔය මැනුවල් හදාගත්ත බැච් එක හරි බාගත්ත සිප් ෆයිල් එකේ තියන shutdown.rwz ෆයිල් එක හරි සෙලෙක්ට් කරගන්න එකයි

පියවර 7 -දැන් ඉතින් මෙන්න මේක ගහල ඊ මේල් එකක් ඔයාගෙ අවුට්ලුක් එකේ තියන ඊ මේල් ඇඩ්‍රස්ස් එකට යවන්න
-----------------------------------------------------------------------------------------------
පසුව ලියමි - මෙමෙ ලින්ක් ගැන නම් අපට වගකිව හැක. (ඒව නම් ස්පෑම් වත් වයිරස් වත් නෙවෙයි )-----------------------------------------------------------------------------------------------

ප්‍රශ්න තියනවනම් කොමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා, සමහරවිට අපිට පුලුවන් වෙයි උදව් කරන්න

0 comments

Posts a comment

 
© එක එක වැඩ The Blog
Designed by Blog Thiết Kế
Back to top